Digital privacy helpful feature on iOS 14

Radika Dilanka
2 min readDec 5, 2021

--

Digital privacy එක ගැන සැලකිලිමත් වෙන අයට iOS 14 වලින් දීල තියෙනවා හොද feature එකක්. ගොඩක් අය කියනව camara එකෙන් ඩේට ගන්නවද, mic එකෙන් data අරගෙනද මන් දන්නේ නෑ මන් කියවා කියවා හිටපු දේට අදාලව දැන්වීමක් පෙන්නුවා කියල. ඒ වගේම ගොඩක් Social media apps ඒ විදියට data ගන්නවා කියලත් එක එක කතා තියෙනව. දැන් ඔන්න ඔයාලට පුලුවන් ඇත්තටම එහෙම වෙනවද කියල බලන්න.

රූපේ පෙන්නලා තියෙන විදියට මේ වගේ පොඩි ඩොට් එකක් ඔයාගේ iPhone එකේ හෝ iPad එකේ, wifi, signal පෙන්නන status bar එකේ පෙන්නවා.

ඒ ඩොට් එක කොළ පාට නම්,

මොකක් හරි run වෙන app එකක් device එකේ camera එක මේ වෙලාවේ පාවිච්චි කරනවා කියන එක.

ඒ ඩොට් එක තැබිලි පාට නම්,

මොකක් හරි run වෙන app එකක් device එකේ microphone එක මේ වෙලාවේ පාවිච්චි කරනවා කියන එක.

මේ feature එක use වෙන app එකක් ඔයාල close කලොත්, ඊට පස්සේ Control center එකට ගියාම ඔයාලට බලාගන්න පුලුවන් අදාල app එකේ නමත් එක්කම camera එකක හෝ microphone එකක icon එක.

එහෙනම් තවත් article එකකින් හමුවෙමු.

--

--

Radika Dilanka

MERN Stack Developer / Mobile App developer / JavaScrip Expert