Don’t Invite your friends to follow your FB Page.

Radika Dilanka
2 min readOct 30, 2023

--

කාලෙකට පස්සේ fb පැත්තේ ආව. ඒ වෙලාවේ දැක්ක ලස්සන පොස්ට් එකක් මේ දවස්වල යන එකක් වෙන්න ඕන. ඒකෙන් කියන්නේ තමන්ගේ යාලුවන්ගේ business එකට support එකක් වෙන්න එයාගේ page එකට ගිහිල්ල ඔයාගේ යාලුවන්ට invite කරන්න කියලා ඒ page එකට like කරන්න කියල.

ඇත්තටම ඒක හොඳ වැඩක්, හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනව, මට හිතුනා ඒක කියන්න ඕන කියල, කියන්න කලින් මම දන්නා දේ පොඩ්ඩක් තහවුරු කරගන්නත් එක්ක social media marketing කරන කෙනෙක්ගෙන් අහන්න හිතුන, ඉතින් මම Wanuja Udantha එක්ක පොඩ්ඩක් මේ ගැන කථා කළා.

මන් දන්නා දේ මම මෙහෙම කියන්නම්, මම social media marketing expert කෙනෙක් නොවෙන නිසා වැරද්දක් තිබ්බොත් comment එකක් දාගෙන යන්න.

කතාව මෙහෙමයි. ඔයා හිතන්න ඔයාගේ යාළුවා කරන්නේ vehicle parts sell කරන shop එකක් කියල. ඉතින් ඔයා එයාට උදුව් කරන්න කියලා හිතාගෙන ඔයාගේ යාළුවො ඔක්කොටම invite දානවා. ඉතින් ඔයාට තියෙන ෆිට් එකට යාලුවෝ බහුතරයක් page එකට like කරනවා. දැන් නියමයි ඔයාටත් සතුටුයි. page එකේ owner ටත් සතුටුයි. බලන්න likes ගොඩක් ඇවිල්ල. කියලා.

ඔයා invite කරද්දී වාහන තියෙන, වාහන නැති, වගේම යාළුවා sell කරන වාහන parts ගැන කිසිම අවබෝධයක් නැති අයටත් invite කරනවා. කොහොම හරි count එක වැඩි වෙනවා.

හැබැයි අවුල පටන් ගන්නේ ඊට පස්සේ. යාළුවා දානවා COILOVER SUSPENSION KIT එකක් ගැන පොස්ට් එකක්.

ඔයා invite කරන්න කලින් යාළුවගේ page එකේ හිටියේ වාහන වලට related පිරිසක්, ඒ කියන්නේ එයාගේ post තේරෙන, අදාළ පිරිසක්, ඉතින් ඒ මිනිස්සු ඒ දාන post එක්ක engage වෙනවා. අඩුම තරමේ like එකක් හරි දානවා. හැබැයි ඉතින් දැන් ඉන්න පිරිස එහෙම නොතේරෙන කිසිම අදාලත්වයක් නැති ලොකු කොටසකුත් ඉන්නවා. දැන් වෙන්නේ මොකක්ද? දාන පොස්ට් එක reach වෙන පිරිස එකට react කරන්නේ නෑ. ඉතින් එතනින් ඒ post එකේ reach එක අඩු වෙනවා. එන්න එන්න එයට එන reach එක අඩු වෙන්ව.

දැන් එතකොට කලින් හිටපු related පිරිසට මොකද වෙන්නේ? එයාලටත් post පෙන්නයි, reach වෙයි. හැබැයි බහුතරය පොස්ට් ගණන් ගන්නේ නැති පිරිසක් ඉන්නේ, එතකොට ඉතින් page එකේ quality එක අඩු වෙනවා.

ඒ නිසා ඔයාට යාළුවගේ business එකට ඇත්තටම උදවු කරන්න ඕන නම් හරියටම යාළුවගේ business එකට අදාළ යාළුවන්ට විතරක් invite කරන්න, එහෙම නැත්නම් ලේසිම වැඩේ තමයි post share කරන එක, එතකොට ඔයාගේ list එකේ ඉන්න, ඒ දේවල් අදාළ වෙන කට්ටිය නිකන්ම page එකට like කරනවා.

ඒ වගේම තමයි තමන්ට අදාළ නැති page එකකින් invite එකක් ආවොත් ඒවාට like කරන්නත් එපා, ඔයා like කලොත් වෙන්නේ හොඳක් නෙමෙයි. ඔයා like නොකරන එකෙන් වෙන්නේ හොඳක්.

එහෙනම් ඉති ඔයාටත්, ඔයාගේ යාලුවන්ටත්, එයාලගේ business වලටත් ජය වේවා.

වැරද්දක් තිබ්බොත් comment එකක් දාන්න.

ජය වේවා.

--

--

Radika Dilanka

MERN Stack Developer / Mobile App developer / JavaScrip Expert