Love letter vs Resume

Radika Dilanka
4 min readAug 25, 2023

--

Love letters ගැන කතා කරන්න අද හොඳ දවසක්. love letters ලියලා නැති අයට මේ post එකේ අදාළ වෙන්නේ පහල කොටස. love letters ලියල තියෙන සෙට් එක මුල ඉඳලා කියවමු. love letters ලියලා love එක success වුන අය එක කොනකට එන්න, love letters ලියලා love එකක් තියා කෙල්ලෙක් වත් නැති උන් ටික සෙට් වෙන්න අපි ජොබ් එකක් වත් හොයාගමු.

කතාව මෙහෙමයි. මේ ගොඩක් කාලෙක ඉඳලා තමයි මේක ලියන්න හිටියේ ඒත් වෙලාවක් තිබුනේ නෑ. ඒ වගේම motivation එකක් තිබ්බෙත් නෑ. ඊයේ කොල්ලෙක් msg එකක් දාල තිබ්බ job ගොඩකට cv එක දැම්ම එත් ජොබ් එකක් සෙට් වුනේ නෑ. මම cv එක එවන්නම් පොඩ්ඩක් අඩුපාඩු බලල දෙන්න පුලුවන්ද කියල. මම ඉතින් අද ඒ cv එක බැලුවා. මන් යවපු reply එක “මේක මරණ දැන්වීමක් වගේ නේ” ???

ඊට පස්සේ ඉතින් මට motivation එකක් ආව මේ ප්‍රශ්නේ තාම තියෙනවා කියන්න. ඉතින් ඇත්තටම ඒ කොල්ල දක්ෂයෙක් හැබැයි ඒ දක්ෂකම් මොනවත් cv එකේ නෑ. බැරි වෙලාවත් portfolio site එකට ගිහින් ටිකක් පහලට scroll කලොත් තමයි ඒවා බලාගන්න වෙන්නේ. එතකොට cv එක print කරලා evaluation කරන කෙනෙක් ඒවා ගැන idea එකක් ගන්න වෙන්නේ නෑ. එහෙමනම් Hogwarts වලට වගේ apply කළා නම් අවුලක් නෑ. මොකද එහෙ ලියුම් වලින් බැනල එවන ඒවත් audio විදියට වැඩ කරනවා.

හරි ඕක තමයි motivation එක. දැන් කියන්නම් කථාව.

love letter එකක් ලියපු අය උත්තර දෙන්න අනිත් අය බලාගෙන ඉගෙන ගන්න.

love letter එකක් ලියන එකා ඒක ලියන්නේ “කෙල්ලට ඕන නම් මේක පුලුවන් විදියකට කියවගෙන ඕන නම් මට කැමති වෙයි නේ, කියවන්න බැරි නම් නිකන් හිටපුදෙන්, අකුරු ලස්සන වෙන්න ඕන නෑ. කැටයම් ඕන නෑ. මෙතන ඕන ටික තියෙනවා නේ. ඕන නම් කැමති වෙයි” කියල හිතලා ද ?

නැත්නම්, දන්න කියන ඔක්කොම වැඩ ටික දාල, තමන්ගේ අකුරු කැතයි නම් අකුරු ලස්සන එකෙක්ට කියල, අලුතෙන්ම පෑනක් ගෙනල්ල. ලස්සන පාට පාට තීන්ත දාල, වැදගත් කොටස් සින්දු කෑලි එහෙම වෙන වෙන පාට වලින් ලියල, paragraph වෙන් කරලා, වැදගත්කමේ පිළිවෙලට ලියල, වරදින වරදින කොලේ කඩලා දාල perfect ම එකක් නේද? ලියල නිකන් ඉන්නවා ද? නෑ. ගොල්ඩ් කූඩු ටිකක් ඉහිනවා දිලිසෙන්න. අර සාරි වලට වැඩ දාන tube එකක් තිබ්බ ගම් එකත් එක්ක gold එකක් එකෙන් hart එහෙම අන්දලා, අන්තිමට සුවද වෙන්න perfume ටිකකුත් ගහනවා කොලේ තෙමෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ බොහොම පරිස්සමින් නමලා කවරෙකට දානවා දාල පුල්වුන් නම් chocolate එකකුත් එක්ක තමයි ඕක දෙන්නේ.

ඒක දීල බලාගෙන ඉන්නේ කවදද උත්තරයක් එන්නේ කියල. ඒ උත්තරේ කැමති කියන එක වගේ එකක් වෙයි කියල මිසක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

love letter එකකට එච්චර මහන්සියක් කැපවීමක් සහ උවමනාවක් තිබ්බට.

ඔයාල ජිවිතේ ගොඩ දාගන්න, job එකක් බලාපොරොත්තුවෙන් දාන resume එක දන්නේ “company එකට පුලුවන් නම් කියව ගන්න එකයි ඇත්තේ. මට මිට වඩා font ගැන තේරෙන්නේ නෑ, මම spacing දන්නේ නෑ. අහ් මේක ගිය අවුරුදේ හදපු එකක්. දැන් මම degree එක complete කරලා ඉන්නේ, මට කම්මැලි ඕක update කරන්න. මේ phone number එක දැන් වැඩ කරන්නේ නෑ. එකේ whatsapp විතරයි තියෙන්නේ. ඔයාලට ඕන නම් whatsapp වලින් ගන්න නැත්නම් වෙන කෙනෙක් කතා කරයි එකට මට කරන්න දෙයක් නෑ. අහ මම phone එක answer කරන්නේ මට ඕන වෙලාවට විතරයි කතා කරනවා නම් හවස 6න පස්සේ කතා කරන්න. උදේ දවසම මම සෙල්ලම් කරන්න යනවා. අහ් email ද, මම ඒවා බලන්නේ නැනේ, ඔයාල මට එන්න කියලත් තිබ්බ ද? OMG ඇයි මට එන්න කිව්වේ?”

සින් එකේ තමයි ඉන්නේ.

ඔහොම නම් බෑ.

මුලිනම් තේරුම් ගන්න ඕන resume එකක් කියන්නේ ඔයාව නියෝජනය කරන කොළ කෑල්ලක් කියන එක. ඔයාට හැම company එකටම ගිහින් ඔයාව introduce කරලා දෙන්න අවස්ථාවක් නැති නිසා ඔයා වෙනුවට යවන කොලයක්. ඉතින් එතන ඔයාව නියෝජනය වෙන්න ඕන. රටෙත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි ජනතා නියෝජිතයෝ ඇත්තටම ජනතාව නියෝජනය කරනවා ද කියන ප්‍රශ්නේ තියෙනව.

ඉතින් ඔයා කියනව නම් ඔයා ui /ux designer කෙනෙක් කියලා ඔයාගේ resume එකෙන් ඒක පෙන්න ඕන, ඒ කියන්නේ එක colorful එකක් වෙන්න ඕන කියන එක නෙමෙයි, ඔයාට පුල්වුන් වෙන්න ඕන ඔයාගේ UX skill එක use කරලා resume එක බලන කෙනාට ඔයාගේ වැදගත්ම points ටික ඔලුවට දාන්න, ඔයා web developer කෙනෙක් නම්, ඒ ත් එහෙම තමයි හොඳ UI/UX එකක් maintain වෙන්න ඕන ඔයාගේ resume එකේ.

ඔයා English content writer කෙනෙක් කියල කියනව නම්, I are passionate in English වගේ දේවල් resume එකේ කියන්න එපා. ඔයා resume එකේ තියන dot එකකට පවා වගකීම ඔයාම ගනනාවා නම්, ඒ හැම දේකටම meaning එකක් තියෙනවා නම් ඔයාව select වෙන්න තියෙන possibility එක ගොඩක් වැඩි වෙනවා.

ඒ වගේම එකම ලියුම කෙල්ලෝ 10 කට යවන්නේ නැනේ. අඩුම තරමේ නම හරි වෙනස් වෙනවා නේ. ඒ නිසා එකම resume එක company 10 කට දාන්න එපා. Resume එකක් company එකකට දාන්න කලින් පොඩි research එකක් කරන්න ඒ company එක ගැන. බලන්න ඒ company එකේ මොනාද එයාල කරන්නේ කියල. ඔයාගේ resume එක හදන්න ඔයාට ඇයි ඒ company එක වටින්නේ, ඒ වගේම company එකට ඇයි ඔයාව වටින්නේ කියල තේරෙන විදියට.

සමහරු ඉන්නවා එකම resume එකෙන්, එකම company එකේ. එකිනෙකට වෙනස් position දෙකකට apply කරනවා, එතකොට company එක confuse වෙනවා.

එහෙම කරන්න එපා. ඔයාට multiple skills තියෙන්න පුළුවන්, එකම company එකේ positions දෙකකට apply කරන්නත් ඔයාට අයිතියක් තියෙනව, හැබැයි එකම resume එකෙන් කරන්න එපා. අදාළ position එකට address කරපු resume එකක් හදන්න.

උදාහරණයක් කියනව නම්, ඔයා UI/UX designer position එකට apply කරනවා නම් ඔයා මුලින්ම දාන්න ඕන ඔයාගේ UI/UX skills and experiences, ඔයාගේ objective වෙන්න ඕන ඒ side එකෙන්. ඔයාගේ resume එකේ සම්පුර්ණ focus එක දෙන්න ඕන ඔයා හොඳ UI/UX designer කෙනෙක්, ඒ නිසා මට ඒ position එක දෙන්න කියන එක.

අමතර සුදුසුකම් විදියට වෙනත් දේවල් දන්නා පුලුවන්

දැන් හිතන්න ඒ company එකේම Digital Marketing position එකකටත් ඔයා apply කරනවා කියලා, ඔයාට සුදුසුකම් තියෙනව ඔයා marketing related degree එකක් කරලා තියෙනවා ඒ වගේම අවරුදු කිහිපයක skills තියෙනවා, හැබැයි ඔයා අර UI/UX resume එක දාල මේකට apply කලාට තේරුමක් නෑ නේද?

ඉතින් එතැනදී ඔයා කරන්න ඕන ඔයාගේ Digital Marketing සම්බන්ධ skills and experiences focus කරලා resume එක හදන එක. ඔයාගේ UI/UX skills අමතර දේවල් විදියට දාන්න පුල්වුන්.

තව ටිකක් හිතමු. love letters ලියන්න help කරනවා. CV වලට නම් help ඉල්ලන්න එපා. ඒවාට tools තියෙනවා.

--

--

Radika Dilanka

MERN Stack Developer / Mobile App developer / JavaScrip Expert