🌿 ReactJs by Radika Dilanka v3 Conclusion Trip: Nature’s Heart Unveiled! 🏞️

Radika Dilanka
5 min readJan 1, 2024

--

React course 3 වෙනි batch එකේ අපේ trip එක. (12th August 2023)

අපේ class එකේ හිටපු සුන්දර ගමක ජිවත් වෙන Mr. Lakshman Karunasena තමයි මේ ගමනට මුල පිරුවේ. අපේ අධ්‍යාපනික දේවල් වගේම එදිනෙදා දේවල් කතාබහ කරන්නත් එක්කම අපි group එකක් maintain කරගෙන යනවා කියලා අපේ course එකට සහභාගී වුන හැමෝම වගේ දන්නා කාරණයක්.

ඉතින් තමන් ජිවත් වෙන ගෙදර සහ ඒ අවට තියෙන සුන්දර පරිසරය අපිට photos ටිකකින් පෙන්නලා group එකේ අපිට ආරාධනා කලේ course එකේ මැද කාලෙදිමයි.

වැඩේට කැමති වුන සෙට් එකත් එක්ක අපි plan කලා class එකේ අන්තිම session එකට එහෙනම් Wilbagedara යමු කියල. අපි වෙනුවෙන්ම ෆැෂන් ෆ්රුට්, පේර, අඹ, කාමරංගා, දිවුල්, ඉතුරු කරගන්න වෙච්ච පොරොන්දුවත් එක්ක ගමනට ලොකු motivation එකක් ලැබුනා.

කොහොමහරි වැඩේ ලස්සනට plan කලෙත් Mr. Lakshman ම තමයි. පාන්දරින්ම ගෙවල් වලින් ඇවිත් උදෙන්ම ( 07:30 ) පහළ තියෙන කන්ද නගිමු කියල කිව්වම හැමදාම උදේ පාන්දර 9 ට විතර නැගිටින මට නම් කිසිම අවුලක් තිබ්බේ නෑ. හැබැයි කෝකටත් කියල ඊට කලින් දවසේ ගිහිල්ල මම place එකක නතර වුනා. නැත්නම් මම යනකොට trip එක ඉවර වෙලා තියෙයි කියල මට ලොකු සැකයක් තිබුන නිසා.

වැඩේ කියන්නේ මම නැවතිලා හිටපු place එකට උදේ පාන්දර 7.00 ට විතර මාව එක්කගෙන යන්න ආපු එක, කමක් නෑ ඉතින් කන්දක් නගින්න නේ කියල නින්ද අමතක කරලා මම වැඩේට සෙට් වුනා.

වැඩේ plan කරලා තිබ්බේ උදේ කෑමත් එක්කමයි. මම උදේට කාල හිටියත් ඉතින් ආයේ කන්න බැරි කමක් නැනේ. අපි කාල එහෙම පිටත් වෙන්න ready වෙනකොට අනිත් අයත් මගට ඇවිල්ල කන්ද ලගට කෙලින්ම එන්නම් කියල තමයි කිව්වේ.

කන්ද මුදුනට හෙමින් හෙමින් යනකොට ලැබුන අත්දැකීම් සහ පරිසරය වචන වලින් කියන්න අමාරු නිසා ලියන්නේ නැතුව ඉන්නම්. මොනවා වුනත් කන්ද මුදුනට ගියාට පස්සේ අපිට කන්න අග්ගලා ලැබුනා කියලා නම් මතකයි. සිතල වතුර ටිකකුත් බොන ගමන් උසම තැනක ඉඳල පරිසරය දිහා බලාගෙන ඉන්න එක මම නම් ආස වැඩක් නිසා ගොඩක් වෙලා එතන ඉන්න එක වැදගත් වුනා.

කන්දේ මුදුනට ගිහින් photos ටිකක් ගන්නත් අපි අමතක කලේ නෑ.

හැබැයි ඉතින් විසේශයෙන් කියන්ටෝනේ හැමෝම කන්ද මුදුනට ආවේ නෑ. ඒ නිසා photo එකට කට්ටිය අඩුයි. ඉතින් කන්ද මුදුනේ අසිරිය විඳලා ඊට පස්සේ අපි හෙමින් හෙමින් කන්ද පහලට එනකොට සමහර තැන් තිබුන අපි මෙතැනින්ද ආවේ කියල හිතෙන. අවුලක් නෑ, දැන් ආව නේ. පහලට ආවට පස්සේ සුදානම් කරලා තිබ්බ විදියට තම්බපු දෙල් සමග ලුණු දැමු පොල් අපිට ලැබුනා.

ඊට පස්සේ ඉතින් අපි නැවතත් සුන්දර පරිසරයක් තියෙන නිවෙසට තමයි ආවේ, ඒ එනකොට අපිට කාපට් පාර, තාර පාර, paving blocks පාර, concrete පාර, ABC only පාර සහ වැලි පාර experience කරන්න ලැබෙනවා කියල අපිට කලින්ම කියල තිබුනේ,

ඉතින් මේ පහලින් තියෙන්නේ අන්න ඒ පාරවල් පසුකරගෙන යන විදිය Mr. Ravi Gunasena ගේ කැමරා කාචයට සටහන් වුනු ආකාරය.

ඉතින් අර අපිටම අරන් තියල තිබුන ෆැෂන් ෆ්රුට්, පේර, අඹ, කාමරංගා, දිවුල්, ටිකට සාධාරණයක් කරන ගමන් අපි පොඩ්ඩක් වටපිටාවේ ඇවිදිනකොට අපිට වැනිලා වගාවක් බලාගන්න පුලුවන් වුනා, ඒ වගේම සෝලා පද්දති, electric bike පිළිබඳවත් දැනුම ලබාගන්න පුල්වුන් වුනා.

දවල් කෑම ගැන අපිට කියල තිබ්බේ මෙන්න මෙහෙම “දවල්ට කන්න පච්චපෙරුමල් සහලින් සකස් කල බත් ( රතු / රළු/ සම්පුර්ණ නිවුඩු සහිත බත් කන්න අකමැති අය ඉන්නවා නම් කියන්න polished සුදු සහලින් එයාලට බත් උයලා දෙන්නම්) , කොල මැල්ලුම්, කොස් ඇට දාලා උයපු කෙසෙල් මුහ, කවුරුත් කන පරිප්පු, කිරමින් හොද්ද ක් සහ උපරිමව කුකුලා බිත්තරයක් දෙන්නම් ( ඉන්දියන් නෙවෙයි ). මේවා කන්න බැරි අයට gastritis වලට බෙහෙත් අරන් එන්න කියලා”

අපිට ලැබුණු කෑම වල පින්තුරයක් දාල තියෙනවා. ඉතා අනර්ඝ කෑම වේලක රස බලන්න අපිට ලැබුනා කියල කියන්න පුළුවන්.

හවස් තේ එක ගැන අපිට කිව්වේ මෙහෙම “හවසට ස්වභාවික වැනිලා රස කල තේ සමග උදේ අරන් freezer එකේ දාපු එළකිරි කෝප්පයක් දෙන්නම්. Butter cake කෑල්ලකුත් ලැබෙයි .🤪” ඉතින් එකත් ඒ විදියටම රස විඳින්න පුල්වුන් වුනා. ඒ අතරේම අපිට හැමෝටම වගේ ගෙදර ගෙනියන්න වැනිලා කරල් ටිකකුත් සුදානම් කරලා දෙන්න ලක්ෂ්මන් අමතක කලේ නෑ.

මේ trip එකට සහභාගී වුන Mr. Ravi ඇතුළු පවුලේ සාමාජිකයින්, සහ මේ වැඩේ ලස්සනට organize කරලා අපිට සත්කාර කල Mr. Lakshman ඇතුළු පවුලේ සාමාජිකයින්ට ස්තුතිවන්ත වෙන්න මම මේක වෙලාවක් කර ගන්නවා.

මේ වෙනකොට අපි React course v4, එහෙම නැත්නම් React course එකේ 4 වෙනි batch එක පටන් අරගෙන තියෙනවා. මේ මාසේ ඒ කියන්නේ 06 සෙනසුරාදා අපි HTML පටගන් ගන්නවා. තවමත් course එකට join වුනේ නැති කෙනෙක් ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා ඔයාලට course එකට join වෙන්න.

Course එක සම්බන්ධ සියලු විස්තර මෙතනින් බලාගන්න පුළුවන් ReactJs for Absolute beginners in Sinhala.

අවසාන වශයෙන් නැවතත් අපට ආරාධනාකර සියල්ල සුදානම් කල ලක්ෂ්මන් ඇතුළු පවුලේ සියලු දෙනාට සහ පැමිණි සැමට ස්තුති වන්ත වෙනවා.

— Image credits goest to respective owners

--

--

Radika Dilanka

MERN Stack Developer / Mobile App developer / JavaScrip Expert